Friday, August 26, 2016


"ගව ඝාතනය රටටම ශාපයක්"

දිවි පිදූ බෝවඉන්දරතන හිමියන්ගේ නාමයෙන් 

ධර්මද්වීපයේ ගව ඝතන නවතනු!

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිය වටිනා දිවිය පූජා කළේ උතුම් පෙරුම් පුරනා බෝධිසත්වයෙක් ලෙසින් වටිනා අරමුණු රාශියක් මුල් කර ගනිමිනි.
උන්වහන්සේගේ අපවත් වීමෙන් මුලු මහත් බෞද්ධ මෙන්ම අබෞද්ධ ලෝකයම කම්පා විය. ලක් වැසියන් ලෙස අපට එසේ කම්පා වීමෙන් පමණක් සීමා විය නොහැක. අප සැමට ඒ උතුම් අරමුණු වෙනුවෙන් කළ යුතු හා කළ හැකි දෑ බොහෝ ඉතිරි කොටඅරමුණක් නැති ජාතියකට අරමුණක් එක් කොට උන්වහන්සේගේ නොනිමි මෙහෙවර අපට ඉතිරි කොට ඇත.
නිහඬව එනම්, නිවටව සිටියොත් අප උන්වහන්සේට සිදු කරන්නේ මහත් ඳ්‍රෝහී කමකි. සිත් පිත් ඇති හැමෝටම උන්වහන්සේගේ අරමුණු වෙනුවෙන් දායක විය හැක. ඒ සඳහා ජාති බේද, ආගම් බේද ආදී වර්ගවාදයන් බලපාන්නේ නැත. ස්වාධීන චින්තනයකින් අනූන සෑම මනුෂ්‍යයෙකුටම අප මේ මොහොතේදී සිදු කරන්නේ කාරුණික වූ ආයාචනයකි.
ලොක ඉතිහාසයේ දෙවැනි වතාවට පොදු අරමුණු රැසක් වෙනුවෙන් ජීවිතයක් පූජා කළ යතිවරයාණන් කෙනෙක් මේ ලක් දෙරණින් බිහිව ඇති මොහොතක යළි යළිත් පෙළ ගැසී උතුම් අරමුණු රැසක් වෙනුවෙන් ඉදිරියට ආ යුතුය. එය අද දවසේ මාගේ මෙන්ම ඔබගේද යුගයේ යුතුකම වන්නේය.

ගව සම්පත සිංහල ජන සමාජය හා බැඳී පැවතුනේ අද ඊයෙක සිට නොවේ. කෘෂිකාර්මික සමාජයක් වූ ඉපැරණි සිංහල ගැමි සමාජය තුල ගවයාට  ලැබුනේ ඉහල ස්ථානයකි. එහෙත් එය හින්දු ආගමික පසුබිම මත ඇතිවන ආකාරයේ ගවයා පිදීමක් නොවීය. ගවයා කුඹුරේ වැඩට සහය වෙමින් බත සරි කිරීමටත් තම දරුවන්ට අවශ්‍ය කිරි ටික සපයා දෙමින් ඔවුන්ට අවශ්‍ය පෝෂණයත් ලබාදීමත් නිසා සිංහල ගැමියා තුල ගවයා කෙරෙහි පැවතුනේ කෘතඥතා පූර්වක ගෞරවයකි. කිරි අම්මා යනුවෙන් හැඳින්වූ ගවයා මරා මස් කෑමක් නම් එකල කිසි විටෙකත් සිදු නොවින.

"ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ඨ සම්පන්නය. මද්‍ය පානය නොබොන්නේය. සොරකම පිළිකුල් කරන්නේය. ගෙරි මස් මුවෙහි නොතබන්නේය"
ඒ රොබට් නොක්ස් "එදා හෙළදිව" පොතේ සිංහල සමාජය ගැන තැබූ සටහනයි.

පුරා වසර 2500 පමණ කාලයක් බුදු දහමින් සුපොෂණය වූ අවිහිංසාව අගයන , කළගුණ සැළකීම වැනි උතුම් ගුණාංගයන් පුරුදු වූ සාමකාමී සමාජයකට උරුමකම් කියූ අතීත සිංහලයා එසේ ගව ඝාතනය පිළිකුල් කළේ මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැංවීම සඳහා ගව සම්පත දැක් වූ දායකත්වයේ වටිනාකම හොඳින් දැන සිටි නිසායි. එහෙයින් ගව ඝාතනය නොකිරීම බෞද්ධ සංස්කෘතියේම අංගයකි. සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට නම් ගව ඝාතනයද නැවැත්විය යුතු වන්නේ ඒ නිසායි.
විදේශීය ආක්‍රමනයත් සමග මත්පැන් පානයට, බොරු කීමට හා සොරකමට හුරු වූ සිංහලයා ඊළඟට හුරු වූයේ තමන් මෙතෙක් කල් කිරිඅම්මා යනුවෙන් හැඳින්වූ ගවයා මරා මස් කෑමටය. අධිරාජ්‍යවාදී සමයේ අනගාරික ධර්මපාල උතුමන් විසින් ගෙන ගිය ගව මසට එරෙහි ජාතික ව්‍යාපාරයට පින් සිදු වන්නට අද වනවිට සිංහලයන් ගව මස් කෑමෙන් වැලකී සිටිනු දකින්නට හැකිය. මෙය ඉතාම යහපත් තත්වයකි.
ගව ඝාතනය හා ගව මස් අනුභවය පිළිබඳ සිංහල සමාජයේ පැවති ආකල්පය එසේ වෙත් දී ගව මස් සම්බන්ධ සෞඛ්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ද අවධානය දැක්වීම වැදගත් වේ.
“ හරක් මස් වල ඇති සිට්රික් අම්ලය දිගදාම සහිත මේද අම්ලයකි. එසේ හෙයින් හරක්මස් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් අධික වීමට අමතරව රුධිර කැටි ගැසීම නිසා ඇතිවන හෘදයාබාධ වැළඳීමේ අවධානමද වැඩි කරයි. එසේම ගවයෙකු මරණයට පත් කිරීමට පෙර තමන් මරා දැමීමට සූදානම් වන බව ගවයාගේ සංවේදනාවන්ට දැනීමට පටන් ගනී. එහිදී ඊට ප්‍රතික්‍රියා වශ‍‍යෙන් එම සත්වයාගේ ශරීරය තුල විෂ ඳ්‍රව්‍යයක් (TOXIN) නිපදවයි. එහෙයින් ගව මසින් වැලකී සිටීම සෑම අතින්ම නුවනැති ක්‍රියාවකි.
                                            (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ආචාර්ය විද්‍යාපති          කේ. ජී.අයි අමරසිංහ. ලංකාදීප 2011 සැප්තැම්බර් මස 11වන ඉරිදා)
අද ලංකාවේ ගව මස් ඉල්ලුමෙන් වැඩි ප්‍රතිශතයක් මුසල්මානුවන්ගේය. ඔවුන්ගේ අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනෙකට ගවයන් 5000 පමණ මරා දමනු ලැබේ. අගනුවර අවශ්‍යතාවය සඳහා පමණක් දිනකට හරක්මස් කිලෝ 50000 ට ආසන්න ප්‍රමාණයත් පිට පලාත් වලින් ගෙන්වනු ලබයි.
 ශ්‍රී ලංකාවේ මස් පිණිස සතුන් ඇති නොකෙරෙන නිසාවෙන් හා බොහෝ ගොවීන් තමන්ට උපකාරී වූ සත්වයා මස් පිණිස විකිනීමට ඇති නොකැමැත්ත නිසාවෙන් මෙම සැපයුමෙන්  වැඩි ප්‍රමාණයක් සැපිරෙන්නේ ගවයන් සොරකම් කිරීමෙනි. මුසල්මානුවන්ගේ ආගමික අවශයතාවයක් වන "හලාල්" කිරීම සඳහා මෙම සතුන් මරන ආකාරය ඉතාමත් සාහසික ස්වරූපයක් ගනී. ගෙල කපා දමනු ලබන සත්වයා සිය සිරුරේ රුධිරය ඉතා විශාල ප්‍රමාණයක් වහනය වීමෙන් මරණයට පත් වීමට සලස්වයි. මෙසේ බොහෝ වෙලාවක් ගතවන නිසාවෙන් ඔවුන් මියයනතුරු බොහෝ වෙලාවක් දැඩි වේදනාවක් විඳිති.
මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තෙවරක් පූජා කරන ලද මේ පුණ්‍ය භූමිය ගවයන් 5000 ක ගෙන් ගලා යන රුධිරයෙන් සෑම උදෑසනකම තෙත්වෙයි. සිංහලයන් මෙන්ම බෞද්ධයන් හැටියට අප තවදුරටත් මෙසේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පිදුණූ මේ පින් බිම මෙසේ අපවිත්‍ර වීමට ඉඩ දෙමුද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්වරක් පිදුණු මේ පින් බිමේ ගවයන් මැරීම වැලක්වීමට අපවත්වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගෙන් සිදුවුණු සේවාව අතිමහත්ය. උන්වහන්සේ මේ වෙනුවෙන් තමන්වහන්සේගේ ජීවිතය පරදුවට තබමින් හරක් සොරුන්ගේ මරණ තර්ජව පවා ලබමින් මේ පුණ්‍ය භූමිය තුල ගවයන් ඝාතනය කිරීම වැලැක්වීමට තමන්වහන්සේට හැකි උපරිම උත්සාහය දැරූසේක. බලධාරීන් මේ කිසිඳු ආයාචනයක් නෑසූ කන්ව සිටින විට බලධාරීවන්ගේ දෑස් ඇරවීමට උන්වහන්සේ තමන්වහන්සේට දැරිය හැකි උපරිම අවසන් උත්සාහය දැරීමට තීරණය කළ සේක. ඒ තමන් වහන්සේගේ ජීවිතය අසරණ සතුන්ගේ ජීවිත බේරා ගැනීම පිණිස පූජා කිරීමෙනි. එසේ හෙයින් උන් වහන්සේගේ උත්තම ජීවිත පරිත්‍යාගයට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කිරීම බෞද්ධයන් වශයෙන් අප සියල්ලන්ගේම යුතුකම මෙන්ම වගකීමද වේ.
ධර්මද්වීපයට ශාපයක් වූ අමානුශීක ගව ඝාතනය ට විරුද්ධ වන්න. ගව ඝාතනයට එරෙහිව නීති අණපනත් සම්මත කරන ලෙස බලධාරීන්ට බලපෑම් කරවීම සඳහා ගව ඝාතන විරෝධී මතවාදය සමාජගත කරවීම සඳහා අවිහිංසාව අගය කරන කළගුණ දන්නා සිංහල බෞද්ධ ඔබේ දායකත්වය ලබා දෙන්න. සිංහලයෙකු බොදුනුවකු වශයෙන් එය ඔබේ යුතුකම වනවා මෙන්ම නිවන් දක්නා ජාති දක්වා යහපත සඳහාම හේතු වන මතුවටත් ඔබ කරගන්නා මහා පුණ්‍ය කර්මයක් වනවා 

නොඅනුමානය.෴
cxopy right:Dinuka Wijesinghe

No comments:

Post a Comment