Friday, August 26, 2016

ම්ලේච්ඡ සුද්දා පවා නොකළ ද්‍රෝහිකම.
බුදු දහමට හිමි තැන අහිමි කරන රනිල්ලාගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා.
රනිල් වික්‍රමසිංහ විසින්ම පත් කළ ලාල් විජේනායක කමිටු යෝජනා ඇසුරින් කෙරෙන පැහැදිලි කිරීම
================================
රජයේ අවශ්‍යතාවයට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න , ලාල් විජේනායක ඇතුළු පිරිස පත් කළා ව්‍යවස්ථාවට අවශ්‍ය මහජන අදහස් විමසන්න කියලා.
ව්‍යවස්ථා සංශෝධනයට අදාළ මහජන අදහස් කියල පොතක් එළිදක්වලා තිබෙනවා.
එහි තිබෙනවා ආගම කියන පරිච්චේදයක්.
දැනට ව්‍යවස්ථාවේ කොටසක් තිබෙනවා බුද්ධාගම කියලා. දැන් මේ අලුත් යෝජනා මාලාවේ නිකමටවත් නෑ බුද්ධාගම කියලා .
ආගම කියන පරිච්චේදයේ තිබෙනවා
• "රාජ්‍යය අනාගාමික විය යුතුයි. ආගම රාජ්‍යයේ විෂය පථයට අයත් නොවිය යුතුයි."
ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගම කියන කොටස සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියලා. ඒක රාජ්‍යයට අවශයැ නෑ කියලයි මේ කියන්නේ. ඒක පෞද්ගලික කටයුත්තක්.
එය කළ නොහැකි නම් තව එකක් තිබෙනවා.
•"තවත් අදහසක් වූයේ රජය සියළු ආගම් සමාන ලෙස පිළි අරගෙන ආරක්ෂා කළ යුතු බවත් මේ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ පරිච්චේදය බුද්ධාගම නොව ආගම වන බවත්".
ඊටත් අපූරුයි ඊලඟ යෝජනාව.
•"බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කළ යුතු යැයි පවසන සමහරකු එයට බුද්ධ සාසනය ඇතුළත් නොවිය යුතු යැයි කියා සිටියේය."
භික්ෂූන් වහන්සේලා , පන්සල් ටික ,දායකයෝ අයිති නැත්නම් , බුද්ධ සාසනය අයිති නැත්නම් මොකක්ද ආයේ ඉතිරි වෙන බුද්ධාගම. කොහොමද මේ දුෂ්ඨ උපාය. මුලින්ම ආගම කියන කොටසම අහෝසි කරල දාන්න. එහෙම බැරි වුනොත් බුද්ධාගම කියන එක අයින් කරන්න. ඒකත් බැරි වුනොත් බුද්ධ සාසනය ඉවත් කරපු බුද්ධාගම කියන වචනය විතරක් ඉතුරු කරන්න.
බුද්ධාගම ඉවත් කරගන්න මේ තරම් උත්සාහ කරන මහත්වරු ආගම් සහ ජාතීන්ගේ නම් වලින් තිබෙන දේශපාලන පක්ෂ ඉවත් කරන්න කියල මහජනතාවගෙන් සමහර කොටසක් ඉල්ලුවම ඒකට දෙන ප්‍රතිචාරය බලන්න.
ඔවුන්ගේ යෝජනාවලියේ ඒ ගැන මෙහෙම තිබෙනවා.
'යම්කිසි වාර්ගික ආගමික අනන්‍යතාවයක් සහිතව තමන් හඳුනාගන්නා දේශපාලන පක්ෂ සමහර අයෙක් තදින්ම විවේචනය කළෝය. ඔවුන් කියා සිටියේ එවැනි පක්ෂ තහනම් කළ යුතු බවයි. ඒ පිළිබඳ ගැඹුරින් සලකා බැලූ කමිටුවේ අදහස එවැනි පක්ෂ මේ මොහොතේ තහනම් කිරීම සිදු නොකළ හැකි බවත් ඒ නිසා අනවශ්‍ය ගැටුම් ඇතිවිය හැකි බවත්ය'
අපූරුයි නේද?
බුද්ධාගම ඉවත් කරාට ගැටුම් ඇති වෙන්නේ නෑලු. ජාතිවාදි පක්ෂ ඉවත් කළොත් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවලු. බුද්ධ සාසනය ඉවත් කරන්න පුළුවන්, හැබැයි මුස්ලිම් කොංග්‍රස්ය ඉවත් කරන්න ගියොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මේ මහත්වරු කියනවා. මේක තමයි අපට පිළිගන්න කියන කතන්දරේ.
-"ෆෙඩරල් සංහිඳියාව" සම්මන්ත්‍රණය
copy right:
-ගෙවිඳු කුමාරතුංග

No comments:

Post a Comment